රොට්වයලර්~Rottweiler

⭕රොටි
 යන ආදර නාමයෙන් 
ගොඩක් දෙනෙක් දන්න 
රොට්වයලර්ස්ලා ගැන තමා 
අද මම   කතා කරන්නේ.




⭕ලෝකේ ගොඩක් රටවල් වල ,            
ගොඩක් කාලගුණ තත්වයන් යටතේ          
මෙයාව හදන්න පුලුවන්වුනු නිසාම      
ගොඩක් රටවල් වල
 බහුලව දකින්න පුලුවන්.

⭕හොද ඉවක්   
ශක්තිමත් බව  සහ    
හොද  ගති ගුණ නිසා     
මෙයාලව ගොඩක් රටවල් වල 
ෆෝසස් වලට 
සහය දෙනවා 
රොට්වයලර්ස්ලා කියන්නේ       
දරුණුකම අතින්       
ලෝකේ ෆේමස් වෙච්ච
 බ්‍රීඩ් එකක්.
රොට්වයලර්ස්ලාව 
ඇතිකරන්න ගන්න 
ගොඩක් අය දන්නේ නෑ 
හරියට සතාව ට්‍රේන් කරගන්න 
ඒ නිසා තමා මෙයාලා දරුණු වෙන්නේ.

⭕හොදට ට්‍රේන් කරපු රොට්වයලර් කෙනෙක් කියන්නේ        නිවිච්ච සතෙක්.
පාඩුවේ තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න        
බ්‍රීඩ් එකක් හරියට ට්‍රේන් කරොත්.

DOG_ct300x300.jpg


එහෙම නැති උනොත්         
කන්න දෙන අත පවා හපා කන     
බ්‍රීඩ් එකක් තමා මෙයාලා.

⭕ලෝකේ වැඩිම සපාකෑම්       
හැම අවුරුද්දේම වගේ   
1st ප්ලේස් ගන්නේ මෙයාලම තමා.
ඒ සපා කෑම් වලිනුත්     
ගොඩක්ම වාර්තා වෙන්නේ     
තම ස්වාමියාව සපා කෑමේ සිද්දිම තමා.


⭕වෙන 
සැර අඩු  බ්‍රීඩ් වල 
බල්ලන්ව හදලා       
එක්ස්පිරියන්ස් එකක් අරන්     
රොට්වයලර්ලාව හදනවානම් ගොඩක් හොදයි.

⭕⭕රොට්වයලර්ස්ලා       
පැවත එන්නේ        
ජර්මන් වල ඉදන්.

⭕දකුණු යුරෝපයේ      
ගොඩාක් ඉස්සර හිටියා     
මොලොස්සස් (Molossus) කියලා බල්ලෝ බ්‍රීඩ් එකක්.
මොලොස්සස්ලාගෙන්      
විකාශණය වෙලා තමා       
රොට්වයලර්ස්ලාව ඇති උනේ.
මොලොස්සස්ලා වැඩිපුර හිටියේ රෝමේ අය ගාව.
දැන් ඒ බ්‍රීඩ් එක 
නෑ කියල තමා වර්තවෙන්නේ මේ ලෝකේ.


⭕ඔන්න දැන් 
මම ඔයාලට කියන්න හදන්නේ 
රොට්වයලර් හැදුන හැටි 
ඉතිහාස කතාව

 මොලොස්සස්ලා  ගොඩාක් ඉස්සර 
කරත්ත ඇදලා තියෙනවා රෝමානුවන්ගේ.

රෝමානුවන්      
ජර්මනියට ආවා          
මොලොස්සස්ලාව කරත්ත වල ගැටගහගෙන.

ජර්මනියට ආව රෝමානුවන්      
ජර්මනියේ පැත්තක පොඩි 
කොලනියක් හදාගෙන          
ඒ කොලනිය විශාල කරලා  
දියුණු කරගත්තා ලොකු ගමක් විදියට.   
 ඒ ගමේ නම තමා ඩාස් රොට් විල්.
(das Rote Wil)    

ජර්මනියට ආව මොලොස්සස්ල
 එකතු උනා ජර්මන් බල්ලෝ එක්ක.
ඒකෙන් තමා රොට්වයලර් කියන බ්‍රීඩ් එක ඇති 
වෙන්න අඩි තාලම වැටුනේ.
ඉතින් ඒ ගමේ බල්ලන්ට          
නම වැටුනේ        
රොට්වයලර් කියලා.


⭕ශතවර්ශ ගානකට පස්සේ          
රොට්වයලර්ස්ලා ෆේමස් වෙන්න ගත්තා      
උන්ගේ ශක්තිය නිසා.
ගමේ ගොවින්         
තමන්ගේ බඩු කරත්ත           
ප්‍රවාහනය සදහා රොට්වයලර්ස්ලාව භාවිතා කරපු එක තමයි කලේ 

⭕මුදල් පසුම්බි ආරක්ශාවටත්            
රොට්වයලර්ස්ලාව යොදා ගත්තා.
ගොඩක් මුදලාලිලා              
තමන්ගේ මුදල් පසුම්බිය  රොට්වලර්ස්ලාගේ කරේ  එල්ලුවා            
වැඩි ආරක්ශාවට                
මොකද කිව්වොත් බල්ලා සැර නිසා,             
වෙන කෙනෙක් 
සල්ලි හොරකන් කරන්න 
බල්ලා ගාවට එන්නේ නෑ නේ          
කියන චේතනාවෙන්.

⭕පස්සේ කාලෙදි  කරත්ත වලට 
රොට්වයලර්ස්ලාව බදින්නේ නැතුව               
 ඒ සදහා මිනිසුන් වෙනත් ක්‍රම ඇදන් යන්න භාවිතා කළා .

⭕ඒකෙන්   රොට්වයලර්ස්ලාව 
අඩු වෙන්න පටන් ගත්තා 
වද වේගෙන ගියා ගොඩක් දුරට.
පස්සේ පස්සේ රොට්වයලර්ස්ලාව           
පොලිසියේ වැඩ වලට යොදා ගත්තා.

⭕දෙවන ලෝක යුද්දයෙන් පස්සේ            
රොට්වයලර්ස්ලාව ගොඩක් ෆේමස් වෙන්න ගත්තා.

ඔන්න ඔහොමයි              
රොට්වයලර්ස්ලාගේ ඉතිහාස කතාව.
ඔය කතාව ගොඩක්           
අය හරියට දන්නේ නෑ.
අහුල ගත්තු කෑලි තමා                  
ගොඩක් අය දන්නේ.


අපි දැන් බලමු රොට්වයලර්ස්ලාගේ වෙනත්  විස්තර 

F6MsYa0.jpg


⭕මෙයාලාගේ ප්‍රධාන පාටවල් තමා      

⭕බ්ලැක්.
⭕මහෝගනි .
⭕ටෑන්.


⭕රොට්වයලර්ස්ලාට                
දිනපතා           
එක්සර්සයිස් ලැබෙන්න ඕන 
විනාඩි විස්සක්වත්                                  
හොදට හැදෙන්න නම්.

⭕මෙයාලාගේ ෆර් එක නම්                
ලොකුවට මේන් ටේන් කරන්න ඕන නෑ               
මොකද                
ශෝර්ට් ෆර් එකක් තියන නිසා.

එලිමහනේ ඉන්නකොට
 රොට්වයලර් කෙනෙක්ට කම්මැලි ගතියක් දැනුනාම
 උන්ට කේන්ති යනවා.
ඒ නිසා 
සතා එක්ක එලිමහනේ ඉන්නකොට 
ගොඩක් කල්පනාවෙන් ඉන්න ඕන.





⭕පොඩි කාලේ ඉදන්ම
 රොට්වයලර්ස්ලා
 එක්කෙනෙක්ගේ කමාන්ඩ්ස් වලට 
අවනත වෙන්න බලන නිසා
 මෙයාලව ගොඩක් අය
 වන් මාස්ටර් ඩෝග් කෙනෙක් විදියට හදුනවනවා.

⭕පොඩි කාලේ ඉදන්ම නිදහසේ,
හුරතලේ,
හරි එක්සර්සයිස් 
 හරි ට්‍රේනින් එකක් යටතේ
 මෙයාලව හදනවානම්
 කිසිම බයක් නැතුව
 ඕන කෙනෙක් එක්ක 
තියන්න පුලුවන් බ්‍රීඩ් එකක් මේ.

⭕ජර්මන් ශෙපර්ඩ්
 එකෙක්ව ට්‍රේන් කරලා 
රොට්වයලර් කෙනෙක්ව ට්‍රේන් කරන කෙනාට
 රොට්වයලර් කෙනාව ට්‍රේන් කරන්න
 ටිකක් අමාරු වෙනවා
 මොකද ජර්මන් ශෙපර්ඩ්ලා වගේ ඉක්මනට
 අපි කියන දේ මෙයාලා තේරුම් ගන්නේ නැති නිසා.

⭕පොඩි කට්ටක් කන්න වෙනවා ට්‍රේන් කරද්දි.
හරියට හදනවානම්
 රොට්වයලර්ස්ලා කියන්නේ 
ගොඩක් ආදරණීය බල්ලෝ ජාතියක්.
ඒකේ කිසිම විවාදයක් නෑ.

වෙලාවකට
 තමන්ට ඕන දේ හරි කියලා හිතිලා
 අපි කියන දේ අහන්නේ නැති
  පණ්ඩිත ගතියක් තියනවා 
රොට්වයලර්ස්ලා ගාව.

ඒ බ්‍රීඩ් එකේ හැටි
ඒක එච්චර හිතන්න එපා.
පොඩි ලමයි එක්ක
මෙයාලව තියද්දි                 
ගොඩක් පරිස්සම් වෙන්න ඕන කියලා        
සමහරු කියනවා.

තවත් සමහරු කියනවා
 පොඩි ලමයි එක්ක
 කිසිම අව්ලක් නෑ මෙයාලව තියන එක කියලා.
ඒක ගැන මට කියන්න තියෙන්නේ
 ඒ දේ ඩිපෙන්ඩ් 
වෙන්නේ
 සතාව හදන විදිය අනුව කියලයි.

⭕හරියට හැදුනොත් 
ස්වාමියා වෙනුවෙන් 
පන උනත් දෙන්න ලෑස්ති,

හරියට හැදුනේ නැත්තම්
 ස්වාමියාව හපලා මරන්න උනත්
 කිසිම පැකිලිමක් නැති බ්‍රීඩ් එකක්
 රොට්වයලර් කියන්නේ.

⭕කූඩුවේ දාලා,
ගැට ගහලා 
හදන්න හිතන් ඉන්නවානම් 
කිසිම බ්‍රීඩ් එකක් ගන්න  එපා.
 
ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.
 
⭕⭕වියදම් කරන්න පුලුවන්නම්
,ඉඩ තියනවානම්
,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.
දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.

⭕පොඩි කාලේ ඉදන්ම 
පොඩ්ඩක් වලියට බර 
ස්වරූපක් තියන රොට්වයලර් පැටියෙක්ව 
පොඩි ගණන් වල ඉදන් ,  
KASL රෙජිස්ටර් 
original features (ඔර්ජිනල් ෆිචස් )
 තියන අය
ලොකුගණන් වලටත්  ගන්න පුලුවන්.

මෙයාලගේ මිලගණන්
දාල කරපු වීඩියෝ එකට යන්න 
උඩින් card එකක් දාන්නම් 

ඔයාලාගේ අදහස් 
කමෙන්ට් කරන්න, 
අපේ චැනල් එක 
සබ් කරන්න 
මේවගේ වටින වීඩියෝ 
දාපු ගමන් බලාගන්න 
බෙල් අයිකන් එක 
ක්ලික් කරලා 
ඕල් ටැග් එක  
සෙලෙක්ට් කරන්න 

මේවගේ තවත් ලස්සන 
බ්‍රිඩ් එකක් ගැන
ඊලග වීඩියෝ එකෙන් හම්බවෙමු

 

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment