💢Tick Fever ( කිනිතුලු උණ ) 💢



🎖 ඇත්තටම මේක අපි හිතනවට වඩා භයානක පැතිකඩක් තියන ලෙඩක්. අපේ නොදැනුවත්කම නිසා නියපොත්තෙන් කඩන්න තියන දේ පොරොවෙන් කපන්න වෙන තැනට එන වැඩක්.. මුලින්ම අදුරගත්තොත් ඇත්තටම නියපොත්තකින් කරන්න පුළුවන් වැඩක් තමයි මේක..

🎪 ඇත්තටම මේක හැදෙන්නෙ කිනිතුල්ලගෙන්ද ❓



♻️ නැ ඒන අපි දන්න විදිය විතරයි. කිනිතුල්ලා කියන්නේ මෙතන ඉන්න රෝග වාහකයා විතරයි.. ඇත්තටම මේක හැදෙන්නෙ කිනිතුල්ලගෙ ඇගේ ඉන්න #Rickettsia කියන බැක්ටීරියාව මගින්..

♻️ කිනිතුල්ලා ලේ උරා බොනවිට Rickettsia බැක්ටීරියා එක තියන එක කිනිතුල්ලෙක් හරි මේ ලේ උරාබීම සිදුකරොත් මේ බැක්ටීරියාව මගින් රෝගකාරක ලවන බල්ලගෙ ඇගට යවලා මෙයාව නිර්වින්දනය කරනවා  එතකොට බල්ලට කොච්චර ලේ උරාබිව්වත් දැනෙන්නෙ නෑ... තවද ⁣බල්ලගෙ ලේ කැටි ගැසීම නතර කර එක දිගට ලේ උරා බීමට ප්‍රතිදේහජනක ලවන බල්ලගෙ ඇගට ඇතුල් කරනවා..

♻️ මේ බැක්ටීරියාව බව්වගෙ ඇගට ඇතුලු වෙන්න හරියටම ගතවෙන්නෙ පැය 3ක් 6ත් අතර කාලයක් විතරයි.... මේක හැම කිනිතුල්ලලෙන්ම බෝවෙන්නෙ නෑ බැක්ටීරියාව ශරීර ගතවුනු එක කිනිතුල්ලෙක්ගේ දෂ්ඨ කිරීමකින් උනත් මේ තත්වය ඇති වෙන්න පුළුවන්.. 
♻️ තවද රැදිර පාරලේවනය මගින් මෙම රෝගි තත්ත්වයට ගොදුරු වෙන්න පුළුවන් රැධිර දායක බව්වා Tick fever ආසාධිතයෙක්නම් එම රැධිරය ලබා ගන්න බව්වටද රැධිරය මගින් මෙම රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන් 
‼️ රැධිර පාරිවෙලනය කියන්නේ ලේ දෙනවා කියන එක.. Blood transfer..

🎖 කොහොමද මේ රෝගය අපි අදුරගන්නෙ ❓

🎪 මේ රෝගය අවදි තුනකට බෙදන්න පුළුවන්..

   📌 මූලික අවධිය 
  📌 උප කුලක අවදිය
  📌 නිදන්ගත අවදිය

♻️ මූලික අවදියේදි මේ රෝගලක්ෂණ පෙන්නුම් කරනවා බලන්න ඔයාගෙ බව්වටත් මෙව්වා තියනවද කියලා ❗️

 📌කෘෂ වීම 
 📌උණ ගතිය 
📌 වසාගැටිති ඉදිමීම 
📌ඇස් හෝ නාසයෙන් විවිධ ශ්‍රාවයන් පිටවීම
📌 සමේ තුවාල ඇති වීම 
📌ආහාර අරැචිය 
📌 සංධි වේදනාව 
📌විදුරැමස් අසාමාන්‍ය ලෙස සුදු පැහැවීම
📌 ස්වසන අපහසුතා ඇතිවීම..

♻️ මේ මූලික අවදිය බැක්ටීරියාව ඇතුලු වී සති ⁣2 සිට 4 දක්වා පවතිනවා.. මෙම අවදියේදි රෝගය අදුරගෙන වෛද්‍ය ප්‍රතිකාර දුන්නොත් ගොඩින් බේරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම 🙏🏻
ඒ නිසා ඔයාලා ගොඩක් මේ ගැන විමසිලිමත් වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා..

🎖 උපකුලක අවධිය..

 ♻️ මේ කාලෙදි බැක්ටීරියාව බව්⁣වගෙ ප්ලීහාව ඇතුලෙ තැන්පත්
වෙලා ඉන්නවා.. මේක මාස ගානක් හෝ අවුරුදු ගානක් උනත් ඒ විදියට තියෙන්න පුළුවන්.. එතකොට අපි හිතනවා බව්වට දැං හොදයි කියලා.. මොකද එයා වෙනදා වගේ හොදට ඉන්නවා රෝගලක්ෂණ පෙන්නන්නෙත් නෑ.. සමහර වෙලාවට ඇත්තටම හොද වෙන්නත් පුළුවන්.. 

♻️ ඒත් බොහෝ වෙලාවට මේක
මාරාන්තික තත්ත්වයට එනකම්ම අපිත තේරැම්ගන්න බෑ.... මේ අවදියේ රෝග ලක්ෂණ තමයි 

📌 සංකූලතා ඇතිවීම
📌 අධික උණ
📌 ඇස් ඉදිමීම 
📌 ඇසේ රතු පැහැති පැල්ලම් ඇති වීම
📌 කම්මැලිකම 
📌 රක්තහීනතාවය
📌 රැධිර වහනය
📌 ඇස් දැවිල්ල
📌 වෘෂණ කෝෂ ඉදිමීම ( only male )
📌 විශාදය
📌අල්ලනවිට උදරයේ වේදනාව
📌වකුගඩු ආබධ
📌 ඇටමිඳුළු වල ආබාධ 
📌 ස්නායු ආබාධ 
📌 කහ හෝ මලකඩ පැහැයෙන් මූත්‍රා පිටවීම.. බලන්න ඔයාගෙ බව්වට මේ රෝගලක්ෂණ තියනවද කියලා අදම ❗️

♻️ උපකුලක අවදියේ දී ඇටමිඳුළු වලට රැධිර සෛල නිපදවීමට නොහැකු වූ විට අනිවාර්යයෙන් බව්වා මියයනවා 😢.‼️ 

♻️ඒ නිසා මූලික අවදියේ ලක්ෂණ තිබිලා ටික දවසකින් ඒක නැති වෙලා ගියානම් වහාම බව්වගෙ රැධිර පරික්ෂාවක් කරගන්න.. මොකද උපකුලක අවදිය කියන්නේ රෝගය බව්වගෙ ඇග ඇතුලේ සැගවී වර්ධනය වෙන කාලය නිසා මේක
දීර්ඝ ක්‍රියාවලියක් අවුරුදු ගනනක් උනත් මේක වෙන්න පුළුවන් .. එකෙන් වෙන අවසාන ප්‍රතිඵලය අනිවාර්යයෙන් ඉතාමත්
අනතුරුදායකඅනතුරුදායකයි.. ඒ නිසා ඒ පිලිබඳ වැඩි අවදානයෙන් ඉන්න..🙏🏻

🎖 නිදන්ගත අවදිය..

♻️ මූලික අවදියෙන් පස්සේ උපකුලක
අවදියේ දී අපි හිතනවා ආ දැං හොදයි දැං ශේප් කියලා..ඒත් අවුරුදු ගානකට පස්සේ මේක ආයෙ මතුවෙන්නෙ මාරාන්තික අවදානමමත් එක්කමයි..

♻️ මූලික අවදියේදී වෛද්‍ය ප්‍රතිකාර ලාබා නොදීම නිසාත් රෝගයට ප්‍රතිකාර කිරීමට ප්‍රමාද
වීම නිසාත් ඇතිවන රක්තහීනතාවයෙන් වකුගඩු , පෙනහලු , අක්මාව සහ මොලයට එල්ලවන දැඩි බලපෑම නිසා අනිවාර්යයෙන් බව්වා අපෙන් වෙන් වෙනවා😢.. 

නිදන්ගත අවදියේදී අපිට කරන්න පුළුවන් එකම ප්‍රතිකාරකය තමයි රැධිර පාරිවේලනය.... රෝගකාරක රැධිරය සම්පූර්ණයෙන්ම බව්වගෙ ඇගෙන් ඉවත්කර අලුත්
ලේ වර්ගයක් බව්වට ලබාදීමයි.. මෙය 20% වගේ ප්‍රමාණයක් තමා සාර්ථක වෙන්නෙ......

💈 අපිට මොනාද මේක
වලක්වගන්න කරන්න පුළුවන් ❓💈

♻️ කිනිතුල්ලෙක්ගේ දෂ්ඨ කිරීමකින් ඔයාට මේ පිලිබඳ සැකයක් ඇතිවුනොත් අනිවාර්යයෙන්ම රැධිර පරික්ෂාවක් සිදු කරන්න.. මෙම රෝගය හදුනාගැන්මට ඇති පහසුම ක්‍රමය තමයි රැධිර පරික්ශාව .... ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න..

♻️ රෝගවාහක කිනිතුල්ලකුගේ බිත්තර වලින් එන පැටවුන්ද රෝගවාහකයන් වන අතර කිනිතුලු පරම්පරා තුනක් යනකම් බැක්ටීරියාව ඒ කිනිතුල්ලන්ගේ ශරීරයේ තිබෙනවා.. ඒ නිසා එක් වරක් මෙම රෝගයට ගොදුරු වූ බව්වෙක්ට නැවත වරක් මෙයට ගොදුරු වීමට ඇති ඉඩකඩ වැඩී.. ඒ ගැන සැලකිලිමත් වෙන්න...

♻️ මේකට ඔයාට ගන්න පුළුවන් එකම ප්‍රථමාධාරය තමයි බව්වා නිතර නිතර පරික්ෂාකර කිනිතුල්ලන් සිටීනම් ඉවත්කිරීම හා.. කිනිතුල්ලන් බෝ වීම වැලැක්වීමයි...

♻️ ඔයා කොච්චර බව්වා පරිස්සම් කරත් කුරැල්ලන් ලේනන් වදුරන් වැනි සතුන්ගෙන්ද
කිනිතුල්ලන් ⁣ව්‍යාප්තිය සිදුවෙනවා...... ඒ නිසා ඔයාගෙ සුපරීක්ෂාකාරී බව මත
තමයි බව්වගෙ නිරෝගිමත් කම රදාපවතින්නෙ...

💢 ආදරෙන් බලාගන්න බව්වා ගැන හැම වෙලේම විමසිලිමත් වෙන්න එයාට ලෙඩවෙන්න දෙන්න එපා, 🙏🏻

 #Kayil_


 ⚠️ කතෘ අයිතිය සුරකින්න.. Shear කිරීම හැර copy කර උපුටා දැක්වීම සපුරා තහනම්⚠️

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment