බල්ලන් ඇති කරන අයට පොඩි උපදෙසක්.


සමහර බල්ලන් හොදට ඉදල හිටිහැටියෙම ලෙඩ වෙලා නැති වෙනවා. එහෙම වුනාම සමහරු පශුවෛද්‍යවරයාට බනිනවා බෙහෙත් වලට වැඩක් වුනේ නැ කියල.

හැබැයි බල්ලො හදන්න කලින් ගොඩක් අය මූලිකව දැනගන්න ඕන දේවල් අධ්‍යනය කරන්නෙ නෑ.


ගොඩක් වෙලාවට හොදට හිටපු බල්ලො මැරෙන්නේ මේ හේතු නිසා. මූලිකම දේ මේකයි.

😍අපි හිතාගෙන හිටියට බල්ලන් යනු සර්ව භක්ෂක සතුන් කොටසක් කියා බල්ලන්ට විස වෙන අපට විස නොවන කෑම වර්ග තියෙනවා. ඒවා බැරි වෙලාවත් බල්ලන්ගේ අහාරයට එකතු වුනොත් ලෙඩම තමා. මොනවද මේවා? විද්‍යාත්මක හේතු එකින් එක පහදන්න ගියොත් මෙ ලිපිය අද ඉවර කරන්න වෙන්නෙ නෑ. කෑම ජාති ටික කියන්නම්.ඕන නම් internet search කරල බලන්න.

1. ලූණු , සුදුළූණු . ඉගුරු.
ලූණු 100g කැවුනොත් බල්ල ඉවරයි.සුදු ලූණුත් එසේමයි.

2. මිදි. මුද්දරස් පලම්.
මිදි ගෙඩි තුනකින් පොඩි අක්මාවක් තියෙන පොඩි බල්ලෙක් මරන්න පුලුවන්ලු.

3. අලි පේර.

4. චොක්ලට්. 
   කැවුනොත් වමනෙ දාල මැරෙන්නෙ.

5. සීනි සහිත කෑම.
    බල්ලන්ට ඉක්මනින් දියවැඩියාව          හැදෙනවලු.

6. අමු අල.
    විශේශයෙන් ලැබ්‍රෙඩෝ වර්ගය අමු එලවලු පලතුරු කන ආස නිසා එයාල අමු අලවලින් පරිස්සම් කරගන්න.

7. පිසුනු මස් කටු.
    මස් කටු අමුවෙන් දීම කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් පිසුනු පසු ඒවා බල්ලා හපද්දි කැබලි වෙන්නෙ උල් ආකරයට. එය අමාශයේ ඇනෙනවාලු. 

8. ලුණු. 
    බල්ලගෙ කෑම එකට වැඩිය ලුණු දාන්න එපා. නොදාම දීල පුරුදු කරගන්න පුලුවන් නම් වඩා හොදයි. ලුණු වලට බල්ලො විජලනය වෙනවා. 

9.  කුකුල් මස් හම්.

දැන් බලමු එයාල හොදට නිරෝගි කරගන්න නම් මොකද කරන්න ඕන කියලා.

1. මෝඩම මිත්‍යාව වන  බල්ලා පිට්ටු ගෙඩිය වගේ මහත් කරන එකෙන් වලකින්න.
   ඔයාල ආසද  බතල වෙන්න? ඇයි ඒ? බතල වුනාම ලෙඩ. ඒ ටිකම තමයි බල්ලටත්. බර නියමාකාරයෙන් තබාගත්තෙ නැතිනම් බල්ලා ලෙඩම තමයි. ඒ විතරක් නෙවෙයි . බර වැඩි වුනාම ප්‍රායෝගික ගැටලු ගොඩයි. මුලින්ම බර වැඩි පිරිමි සතෙක්ට ලිංගික ක්‍රියා කිරීමට අමාරුයි . එයාල ඇගේ නගිනවට බැල්ලි කැමතිත් නෑ. මොකද බර වැඩි නිසා.  අනික බැල්ලියෙක් බර වැඩි වුනොත් පැටව් ගහද්දි චූටි බලු පැටව් අම්මගෙ ඇගට යට වෙලා මැරෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩියි. 

❌❌තරබාරුව යනු ආභරණයක් නොවේ. රෝගයක්.බල්ලන් තරබාරු කර ඉක්මනින් මරා ගැනීමෙන් වලකින්න.

2. නාවන්න ඕන උපරිම සතියට සැරයයි. 
බල්ලන්ගෙ සමේ තෙල් තට්ටුවක් තියෙනවා. ඒ තෙල් තට්ටුවෙන් තමයි ඔවුන්ගෙ සමේ නිරෝගී බ්ව රැකෙන්නෙ. අනවශ්‍ය ලෙස නෑවීමෙන් එයට හානියක් වෙනවා. ඊට පස්සෙ රෑශ් එනවා. අපි ගාන සබන් ගාන්නත් එපා. එයාලගෙ ශැම්පු එකක් හොයගන්න බැරිනම් බේබි සබන් ගාන්න. 

3. මවිල් යෑම රෝගයක් නොවෙයි. 
    සාමාන්‍යෙන් බල්ලන්ගේ මවිල් පරණ වීමෙන් පසු හැලී යා යුතුයි. එය සාමන්‍යයි. එහෙම නැති වුනොත් එයාලට දරාගන්න බැරි තරම් රස්නෙයිනෙ. විශේෂයෙන්ම් ලැබ්‍රෙඩෝ ලට කෝට් දෙකක් තියෙන නිසා නිතර මවිල්  හැලෙනවා. අනික ලැබ්‍රෙඩෝ ලා ට සීතල අත්‍යාවශ්‍යයි. ඉතින් එයාල මවිල් හලන්නේ ඒ නිසයි. අසාමාන්‍ය ලෙස යනවානම් මෝරගුලි දීමෙන් එය සුව කරගන්න පුලුවන්. මාලු නිතර කැවෙනවානම් කෝට් එක නිරෝගී .

4. Brush කරන්න අමතක කරන්න එපා. 
     එලියට අරන් ගිහින් හොදට පරණ මවිල් ගැලවිලා යන්න දින දෙකකට සැරයක්වත් brush කරන්න. ගහක් වුනත් ලියලන්නෙ කප්පාදු කරනකොටනෙ. 

5. වතුර ගොඩේ ලගින්න දෙන්න එපා. 
    කූඩුවෙ තෙත තියන්න එපා. රෑශ්වලට මුල මෙයයි. ලැබ්‍රෙඩෝ ට රස්නෙයි නම් ඉතින් AC කාමරයක තමයි නිදාගන්න දෙන්න වෙන්නෙ. ලැබ්‍රෙඩෝ ලා හදද්දී තියෙන එකම ප්‍රශ්නෙ ඕක.

6.පොල් තෙල් දිව්‍ය ඖෂධයක්. 
 හැම කෑම වේලටම බල්ලාට පොල් තෙල් තේ හැන්දක් දාන්න. කෝට් එක විතරක් නෙවෙයි ප්‍රතිශක්තිකරණය පද්දතියත් නිරෝගී වෙනවා. 

මේ දේවල් කරල බලන්න. මම පශුවෛද්‍ය කෙනෙක් නොවුනත් මගෙ ගෙදර මම පොඩි කාලෙ ඉදන් නොයෙක් වර්ගයේ බව්වෝ හදලා තියනවා , ඉතින් මම ගොඩක් මේව අධ්‍යනය කරනවා. ඔයාලත්  හොදට හොයල බලන්න ,   හොයලා බලලා  හරි දේ කරන්න  

බලු යාලුවා පරිස්සම් කරගන්න.  
❤️❤️❤️❤️❤️

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment