‼️සුනඛ මද චක්‍රය "heat cycle /estrus cycle" අබිජනනය (breeding/cross)‼️🐾️




මෙක ලියන්න හිතුනෙ මන් හැමතැනම වගෙ හෙව්වා මොකක්ද මේ heat එක. Crossing කියන්නෙ මොකක්ද කියලා මට එක සිංහල ලිපියක් වත් හොයාගන්න බැරි වුනා. මට හම්බුන්නැද්ද නැත්නම් මේ ගැන කවුරුත් ලියලා නැද දන්නෑ . මන් කොමහරි (AKc)එකෙ ලිපි වගයක් කියවලා හොයාගත්තා මෙ ගැන විස්තර ටිකක්. හොයා ගත්ත එකෙ දන්න ටික හරි හැමොටම දැනගන්න එක හොදයි කියලා හිතලා මෙක ලිව්වා. අඩු පාඩු වැරදි ඇති. එවා තිනවන්ම් කියන්න හදන්නම්🙏💛

🔴ඔබ ගැහැණු සුනඛයෙකු හදා ගැනීමට සිතන කෙනෙක්ද ❓
🔴ගැහැණු සුනඛයන්ට මද චක්‍රයක් (heat cycle) තිබේදැයි ඔබ කල්පනා කළ තිබෙද🤔❓

🐕 ඔබ ගැහැනු සුනඛයෙක් ඇති කරන්නෙනම් ඇයගෙන් ලේ ගැලීමක් සිදුවන්නේ මන්දැයි ඔබ කුතුහලයෙන් සිටිය හැකියි.🤔 ගැහැණු සුනඛයන් නිතිපතා මද චක්‍රයකට "heat cycle" ♻️භාජනය වී පරිණත වූ පසු ලේ ගැලීම සිදු කරයි. අත්දැකීම මුලදී අවුල් සහගත භයානක බවක් පෙනෙන්නට තිබුණත්😱ඔබ එය වඩා හොඳින් තේරුම් ගත් විට එය ඔබට අමුත්තක් නොවෙයි😃තවද සුනඛයට උදව් කිරිමට පහාසුවක් වනු ඇත👐

🐾️සමහරු මද චක්‍රය (in heat හිට් එක/estrus එස්ට්‍රස් ) ලෙසත් හදුන් වනු ඇත🐾️




🐕සුනඛයින් සඳහා පළමු මද චක්‍රය සිදුවන්නේ ඇය වයස මාස හයේදී පමණ වැඩිවියට පත්වන විටය, නමුත් එම සංඛ්‍යාව එක් එක් සුනඛ වරග අතර වෙනස් විය හැකිය.

🐕 කුඩා සුනඛ වර්ග වල ප්‍රජනන අවයව කලින් පරිණත වීමට නැඹුරු වන අතර විශාල සුනඛයින්ට ඔවුන්ගේ පළමු" heat"එකලබා ගැනීමට වසරකට වැඩි කාලයක් ගතවනු ඇත.

🐕 මද චක්‍රය බොහෝ විට වසරකට දෙවරක් සිදු වේ.ඇමරිකානු කෙනල් ක්ලබ් (Akc) කියන්නෙ සමහර කුඩා සුනඛයන්ගෙ හීට් චක්‍රය වසරකට හතර වතාවක් පමණ විය හැකි බවයි 

🐕 ග්‍රේට් ඩේන්ස් වැනි විශාල සුනඛයින්ට එය අත්විඳිය හැක්කේ සෑම මාස දහඅටකට වරක් පමණි. යන්නද ඇමරිකානු කෙනල් කලබ්(Akc) පවසයි.

🐕සුනඛයකු මද චක්‍රයට (estrus cycle)ඇතුළු වූ විට එය සති දෙක තුනක් පවතී, නමුත් එක් එක් සුනඛ වර්ග වලට අනුව වෙනස් වේ. 






🔴කෙසෙද ඔබගෙ ගැනු සුනඛයා මද බවට පත් වී (heat cycle)ඇති බව හදුනා ගන්නෙ🤔❓

🐾️මෙම කාලය තුළ,යෝනි මාර්ගය තරමක් රතු වී තරමක් ඉදිමි තිබිම දැකගත හැක

❌ප්‍රදානම දේ වන්නෙ සුනඛයගෙ යෝනි මාර්ගයෙන් රුධිර බිදිති කාන්දු වීමයි

🐾️ වලිගයෙ ස්වාභාවය වෙනස් වීම (වලිගය පහතට තීන සුනඛයෙක් නම් වලිගය උස්සන් ඉදිම🐕👈)

🐾️පිරිමි සතුන් ප්‍රතික්ෂේප කරන සුනඛයෙන් නම්. පිරිමි සුනඛයන් තමා ලගට එමට ඉඩ දීම

🐾️කලබල කාරි ස්වාභාවයක් හා ආක්‍රමණ ශීලි හැසිරිම් ස්වාභාවය

🐾️ නිතර නිතර මුත්‍රා දැමීම

🐾️ ලිංගික අවයව අධික ලෙස ලෙව කෑම

🐾️තවද සුනඛයා සීටින වාසස් තානයෙද, ඇය නිරන්තරයෙන් ගැවසෙන ස්තාන වල හා ගෙහි මිදුලෙ රුධිර බිදිති දැක ගත හැක

❌මෙම රුධිරය පිරිසිදු නොවේ.මෙම චක්‍රය ආරම්භයේ දී වඩා තද රතු පැහැයෙන් යුත්ත වන අතර එය පසුව කහ, රෝස හෝ ජලය පැහැයට පත් වී මැකී යයි.

🔴 සුනඛය පිරිසිදු කිරීම උද්දීපනය කළ හැකි අතර, කැනයින් ජර්නල් විසින් මදව සිටින සුනඛයන් සඳහා සුනඛ ඩයපර් කිහිපයක් සමාලෝචනය කර ඇත. ඔබ ඩයපර් භාවිතා කරන්නේ නම් ඒවා නිතර වෙනස් කර සම පිරිසිදු හා වියලි ලෙස තබා ගැනීමට වග බලා ගන්න. 

🔴මද චක්‍රයකට පිටතින් අධික රුධිර වහනයක් හෝ ලේ ගැලීමක් සිදු නොවේ. ඔබේ සුනඛයාගෙන් අධික රුධිර වහානයක් සිදු වේනම්, ඔබ වහාම ඔබේ පශු වෛද්යවරයා හමුවන්න

🔴ඔබ ඇයව මෙ දවස් වල නැවීම නොකල යුතු වේ( ඔබ අබිජනනය "cross" කිරිමට බලාපොරොත්තුවක් නැමතිනම් නැවිම සිදු කලාට කමක් නැත.)

🐾️අමතර යමක්🐾️

😃සමහර සුනඛයන් තම නිවසේ හෝ එළිමහනේ ශක්තිමත් සුවඳැති මුත්‍රා වලින් සලකුණු කරනු ඇත, ඔවුන් ඒසෙ කරන්නෙ පිරිමි සගයන් ආකර්ෂණය කර ගැනීමට සහ ඔවුන්ගේ සංසර්ගයෙ තත්වය පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරිමටයි

😃මද සුනඛයන්ගෙ උෂ්නය පිරිමි සතුන්ට දැනුන පසු ඔවුන් ගම් ගවුන් පසුකර ගෙන පැමිනිමෙ හැකියක් ඇත😮 මෙම හෙතුව නිසා ඔබ ඔබගෙ මද සුනඛයා ආරක්ෂා කර ගත යුතුය.

❌මද වු සුනඛයව අබිජනනය කරන තෙක් (cross ) පිරිමි සුනඛයන්ගෙන් ආරක්ෂා කරන්නෙ කොමද🤔 ❓

🔴ඔබ ඔබෙ මද වු සුනඛයා සමග ගමන් කරනවනම්. ඇයව ඉදිරියෙන් තබා ගමන් කල යුතුය. ඊට හෙතු වනම් සමහර පිරිමි සුනඛයන් හට මද වු සුනඛයගුගෙ ඉව වැටුනු විට ආක්‍රමණ ශිලි වනු ඇත. විමසිල්ලෙන් සිටිය යුතු වේ සැම විටදිම.

🔴නිදැල්ලෙ සිටින සුනඛයකුනම් වැටකින් ආවරනය කර දැබිම වුචිත වේ

🔴 සුනඛයා පිලිබඳ ආවදානමෙන් හිද,ඔබ නොමැතිව ඇය වත්තෙන් එලියට නොයැලිමට වග බලා ගත යුතුය.

🔴ආක්‍රමණශීලී විය හැකි ඕනෑම පිරිමි සුනඛයන්ගෙන් ඇයව ඇත් කර තැබීමටත්, ඇය පිටත සිටින විට ඇය වැටක් හෝ ඔබගෙ ඉදිරිපසින් තබා ආරක්ෂිතව සිටින්ට වගා බලා ගත යුතු වේ😃

‼️මෙම මද චක්‍රය තැතිගන්වන හෝ අපහසුතාවයට පත්වන බැවින්, සමහර සුනඛයන් මද අවස්තාවෙ සිටියදී ස්නික කෝපයට හා අතතියෙන් පෙලෙයි එවිට ඔබව සපා කෑමකටද පත්විය හැකිය.‼️

🐾️මෙම කාලය තුළ ඔබ ඔබේ සුනඛයාට ටිකක් වැඩිපුර ආදරය හා අවධානය දිම වැදගත වේ. ඇගේ ආහාර රුචිය ගැන විමසිල්ලෙන් සිටින්න. .මෙම දවස් ටිකෙ ඔබ ඔබෙ සුනඛයට ප්‍රමුඛත්වය දෙන්න💛🙏

🔴හරි දැන් දන්නවා මද චක්‍රය ගැන(heat cycle)
ඉතින් දැන් මද වෙලා(in heat) කොච්චර කාලකින්ද අබිජනනය(cross ) කරන්න ඔනා කොමද දවස් හදන්නෙ 🤔❓

🐾️ සුනඛයෙක් මද වු පසු (estrus/heat) පලමු දවසෙ පටන් අප හරියටම දින ගනම් කල යුතුය.සමාර විට ඔබ මෙය දැනගද්දී දවසක් දෙකක් ගිහින් වෙන්න පුලුවනි.ඒ ගැන කලබල විය යුතු නැත. රුධිරයේ පාට බාලා දවස් අනුමාන කර ගත හැකිය(මෙය ගැන අද්දැකිම් වලින් පරිපුර්ණ අයට කල හැකි දෙයකි)සාම්‍යයෙන් මද වී (heat) දවස් 11ත්13 යන දවස් ටික ඇතුලත අබිජනනය (cross ) සිදුවිම් සිදු කරයි. 

🔴හොදයි කොමද දැන් අබිජනනය (cross/ breeding) කරන්නෙ🤔❓ 

🐕මෙය සාමාන්‍යයෙන් ඔබට මට කිරිමට අපහාසු කාරියක. මෙය ගැන දැනුම තිබුනු පලියට අබිජනනය (cross) කිරිම් කටයුතු කිරිය නොහැකිය.මෙයට සුනඛ හසුරුවන්නෙක්ගෙ (dog handler) හො මේ පිලිබඳ අද්දැකිම් ඇති පුද්ගලයකුගෙ සහාය අවශ්‍ය වේ.එමගින් සුනඛයන්ටද පහාසුවක් ගෙන දෙයි.අප ගෙවල් වල සිටින සුනඛයන් හට විදි වල සුනඛයන් මෙන් ඔවුන්ගෙ තනියම සංසර්ගයෙ (In intercourse) කටයුතුවල යෙදිමෙ හැකියාවක් ඔවුන් සතුව නැත.ඔවුන්ගෙ ශරීර ප්‍රමාන හා බර වැඩි හෙතු නිසා මෙම ක්‍රියාවට අපගෙ සහාය ලැබිය යුතුය.

‼️අබිජනන අවස්තාවලදි ගැහැනු සුනඛයාට වැඩි අවධානක් දිය යුතුය. පලමු අබිජනනය යෙදෙන සමහර ගැහැනු සතුන් කලහා කාරි ගති පෙන්වන්න ඉඩ ඇති අතර එවන් අවස්තාවලදි ගැහැනු සුනඛයව යමක තදින් ගැට ගසා මේ සදහා සුදානම් කරිමට වනු ඇත එම අවස්තාවලදි සුනඛයගෙ ගෙල සිර වි ඇත්දයි නිරන්තරයෙන් විමසිලි මත්ව සිටිය යුතුව තිබෙ.ඔබ අවසිලිමත්ව සිටියහොත් ඔබෙ සුරතලා ඔබට අහිමි වීමෙ ඉඩකඩද ඇත.අද්දැකිම් බහුල හො හොද සුනඛ හසුරුවන්නෙක්නම් ඔවුන් මෙය පහසුවෙන් සිදු කරයි.‼️

‼️ඔබගෙ සුනඛයාට අදික වද දිමෙන් crossing කිරිමෙන් වලකින්න.ඔබගෙ සුනඛයාගෙ සෞඛ්‍ය හා ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දෙන්න‼️💛








අයිතිය Sasmin Aloka

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment