සුනඛයින් ගැබ්බර වු පසු(dog pregnancy) කලලය වර්ධනය විම*****👌👌👌👌




Cross කිරිමෙන් අනතුරැව pregnancy time(ගැබ්බර කාල සිමාව)දින 63 ක් පමණ වේ සති 9 ක කාලයක්.එම දින ගනන cross කරවු පලවෙනි දිනයේ සිට ගනන් තබා ගත යුතුය..නමුත් ⁣ දින ගනන් වෙනස් විය හැක......

සුනඛයා ගැබ් ගත් පසු කලලය වර්ධනය ⁣වන ආකාරය පහතින් දැක්වේ👇

Cross කිරිමෙන් අනතුරැව 

"""1 වන සතිය"""(1 week/දින 0-7)

පලවෙනි දින 7 තුලදි සුනඛයාගේ වෙනසක් දැකගන්න නොලැබේ නමුත් මේ කාලයේදි morning sickness තත්වයක් ඇති විය හැක.එනම් වමනය යැම උදේ කාලෙ පමණක් තිබෙන ආහාරය අරැචිය..ශුක්‍රාණු(active sperm) විකසනය විම......

"""2 වන සතිය"""(2 week/දින 8-14)

පලවෙනි සතිය⁣දිත් මෙන්ම ශරිරයේ පිටත වෙනසක් දක්නට නොලැබේ.කලින් කි පරිදිම morning sickness තත්වයක් ඇති විය හැක...

"""3 වන සතිය"""(3 weeks/දින 15-21)

පැටව් වර්ධනය වෙන කාලය ආරම්භ වේ.එහිදි සුනඛ මව කැම ආහාරයට  ගැනිම සුඑ වශයෙන් හෝ සම්පුර්ණ  ප්‍රතික්ෂේප කරයි.ඊට අමතරව තනපුඩු(nipples) වල සුඑ වශයෙන් විශාල විමට පටන් ගනි.....

"""4 වන සතිය"""(4 weeks/දින 22-28)

පැටවාගේ ශරිර අංග වර්ධනය ⁣වෙන කාල සිමාව එහිදි ඇස් හා කශේරුකාව වර්ධනය වීමට පටන් ගනී.මේ කාලෙ දි ශරිර අංග 5-10 mm to 14-15 mm දක්වා වර්ධනය වේ.....

"""5 වන සතිය"""( 5 weeks/දින 29-35)

පස්වන සතියෙදි කුසයේ සිටින පැටිවාගේ කකුල් /නිය වර්ධනය වේ.සුනඛයාගේ අංගලක්ෂණ පිහිටයි.male/female බවට පත්වන්නෙ මේ කාලයෙදිය(gender determined).ශරිර අංග 18 mm – 30 mm දක්වා වර්ධනය වේ.සුනඛ මවගේ බර මෙි කාලෙදි වැඩි විමට පටන් ගනි..මේ කාලයෙදි සුනඛ මවට ලබා දෙන ආහාර ප්‍රමාණය ක්‍රමානුකූලව වැඩි කර යුතුය(උදාහරණයක් ලෙස වෙල් 2 ක් ලබා දෙන්නෙ නම් වෙල් 3 ක් ලබාදෙන්න )

"""6 වන සතිය"""( 6 weeks/දින 36-42)

හයවන සතියේදි සුනඛ පැටියාවේ වර්ණය තිරණය වේ.ශරිර ප්‍රමාණය 45mm දක්වා වර්ධනය වේ.පැටවාගේ හෘදස්පන්දනය(heartbeat) වෙද නලාවක්( stethoscope) මගින් ශ්‍රවණය කල හැක.මෙිම කාලය තුල සුනඛ මවගේ තනපුඩු( nipples) අදුරැ පැහයක් ගනි.ඊට අමතරව මවගේ බඩ(belly) විශාල විමට පටන් ගනි.තවද සැම වේලාවෙම නිිදි ගතියක් පෙන්නුම්.මෙි කාල සිමාවේ සුනයා නිශ්චිත වශයෙන් ගැබ්ගෙන ඇති බවට නිරික්ෂණය කල හැකිය......

"""7 වන සතිය""" (7 week/දින 43-49)

මෙම කාලය තුල පැටවාගේ වර්ධනය විමත් සමග සුනඛ මවගේ හැසි⁣රිමේ වෙනස් කම් දක්නට ලැබේ.මහන්සි ගතිය වැඩිවිම/මල හා මුත්‍රා යන  වාර ගාන වැඩි විම/නිදිමත යන ආදිය වේ.සුනබ මවගේ බඩ ප්‍රදේශය(belly) ති⁣බෙන ලෝම මෙි කාලෙදි හැලෙන්නට පටන් ගනි.මෙය සමානයයෙන් තත්වයකි.මව පැනිමට දිවිමට දිම මේ කාලය තුල සුදුසු නොවේ....

"""8 වන සතිය""(8 weeks/දින 50-57)

සති අට කාලයට පැමිණි පසු සුනඛ මව නිදා සිටින විට හෝ ඉදගෙන(නිසොල්ව) සිටින විට පැටව්න්ගෙ චලනයන්( Fetal movement)දැක ගත හැකිවෙි.මවගේ තන පුඩු වලින්(nipples) කිරි එරිමට පටන් ගනි( Milk squeezed ).සුනඛ මවගෙ මුත්‍රා මාර්ගය විශාල විමක් මේ කාලය තුලදි සිදු වේ.❌❌දින 56 න් පසු ඕනැම වෙලාවක පැටවුන් බිහි විය හැක.....

"""9 වන සතිය"""(9 weeks/දින 58-65)

ගැබ්බර කාල සිමාවේ අවසන් අදියර මේම කාලය වේ.පැටවුන් නිසි වර්ධනයක් ලගා කර ගනි.සුනඛ මව කලබලකාරී තත්වක් පෙන්නුම් කරයි.එනම් බිම පහුරැ ගාන තත්වයක්.අපහසුතාවයකින් පෙලෙන තත්වක් මෙය පැටව්න් බිහි කිරිමට පෙර දින කිහිපයකට කලින්ම පෙන්නුම් කරයි.ඇතැම් විට මලපහ කඑ පැහැයක් ගනි. සුනඛයන් පැටව් බිහිවිමට පෙර කැම ප්‍රති⁣ක්ෂෙප කරයි නමුත් සමහර සුනයක් සමානයය පරිදි ආහාර ගනි....

මේ අනුව සති 9 ක කාලයක් තුල පැටවා කලලය තුල වර්ධනය වු ආකාරය පිලිබදව අවබෝධයක් ගන්න හැකි විය.මෙම කාලය සිමාව තුල සුනඛ මවට නිසි පෝෂණයක් ලබා දිමට මතක තබාගන්න  සැම විටකදිම පශු වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාග්න්න.(උදාහරණයක් ලෙස ප්‍රෝටින් බහුල ආහාර මේ පිලිබද සවිස්තරාත්මක ලිපියක් බලාපොරොත්තු වන්න විටිමන් හා අනිත් ⁣අවශ්‍ය පෝෂක කොටස් පිලිබදව)

👉👉සමස්තයක් වශයෙන්👉👉👉

සුනඛ මව ගැබ්බර වු පසු තන පුඩු(nipples) විශාල විම පිරිපුන් බවක් ගැනිම හා nipples වල පැහැය අදුරැ පැහැයක් ගනි.ඊට අමතරව මුල් කාලෙදි(සති 3 දි) කැම ප්‍රතික්ෂේප කලත් සති 5 න් පසු අාහාර ගැනිමට වැඩි රැචියක් දක්වයි.මලපහ සහ මුත්‍රා පිටවිම වැඩි වාර ගනනක් මේ කාලයෙදි සිදුවේ.බඩ යට(belly) රෝස පැහැයක් ගනි.dilivery එක ලංවන විට මුත්‍රා මාර්ගය විශාල විමක් සිදුවේ.වෙනදාට වඩා සුනඛ මව විශාල වි සේ පෙනෙයි.ස්කැන් පරික්ෂණ(ultra sounds) දින 45 ක් පමණ පසු වු සිදුකල හැකිය...........
ඉහත සදහන් කර සති වලට අදාල විස්තර පහල රැප සටහන් මගින් දැක්වේ❌❌👇👇👇 









Like share කරන්න.....🙏

උපුටා ගැනීමක් ඇසුරෙනි අයිතිය මුල් අයිතිකරුවන් සතුයි

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment