බල්ලෙක් සඳහා ලියාපදිංචිය Kennel Association of sri lanka



බල්ලෙක් ලියාපදිංචි කරගන්නෙ කොහොමද ??

මුලින්ම කියන්න ඕනෙ මේක කරන්න පුළුවන් වෙන්නේ piobreed එකකට විතරයි❗️KASL, CKC වගේ තවත් ගොඩක් Kennel club තිබ්බට ලංකාවේ වගකීමක් තියන හොඳම Kennel club එක තමයි Kennel Association of sri lanka (KASL).


.🙏
                 
  

                               💢💢KASL💢💢

💠 ආරම්භ වෙන්නේ.. 1959 ceylon ladies kennel association..

💠 1989 ලෝක සුනඛ සංගම් පාලනය කරන්නන්ගේ සංගමයේ( FCI )සාමාජිකත්වය ලබා ගන්නවා..

💠 මේ වන විට FCI එක තුල රටවල් 99 ලියාපදිංචි වෙලා තියනවා.. ලංකාව ඉන්නෙ 11 වන ස්ථානයේ.. ඒ කියන්නේ ලෝකයේ පැරණිතම සුනඛ සංගමයක් ලංකාව සතුයි❤️.

◾️ ඇයි ඔයාගෙ සුරතලාට පෙලපත් සහතිකයක් අවශ්‍ය( pedigree certificate)

1. හොද පෙලපතක් හිමි බල්ලෙක් කියන ගෞරවය හිමි වීම

2. පැටවුන්ට ඇති ඉල්ලුම වැඩී

3. Dog show වලට සහභාගි වීමටනම් මෙය අනිවාර්යයි.

4. ශ්‍රි ලංකාව හා ලෝකය තුල පිලිගත් සුනඛයකු වීමට..

◾️ කොහොමද බල්ලෙක් ලියාපදිංචි කරන්නෙ??

💠 මේක තමයි වැදගත්ම දේ සහ ගොඩක් දෙනෙක් දන්නෙ නැතිම දේ.. ඔයාගෙ බල්ලට මේ සුදුසුකම් තියනවනම් විතරයි පෙලපත් සහතිකයක් ( pedigree certificate ) නිකුත් කරන්නෙ..

අනිවාර්යයෙන්ම නුමුහුන් බල්ලෙක් වෙන්න ඕනෙ , මව පියා දෙදෙනාගේම පරම්පරා තුනක පෙලපත් සහතික ඉදිරිපත් කරන්න ඕනෙ.. එහෙම තියනවනම් ලොවම පිලිගත් FCI ආයතනය විසින් නිකුත් කරන පෙලපත් සහතිකයක් ලබාගන්න පුළුවන් මේ සහතිකේ උඩ දකුණු කෙලවරේ KASL logo ( gold color )එක තියනවා.. වම් කෙලවරේ FCl logo ( blue color ) & Asian pacific Logo ( green color ) තියනවා මේ ටික තියනවනම් විතරයි ඒක original certificate එකක් වෙනේනෙ.. බොරැ දේවල් වලට රැවටිලා ගිනි ගනං දීලා බල්ලො ගන්න එපා... සමහර ගොඩක් දෙනෙක් පෝස්ට් දාලා බල්ලො විකුණන්න හදනවා KASL registered කියලා. ඒක නිසා පොඩ්ඩක් හොයලා බලලා ගන්න..

ඔයාට ඉදිරිපත් කරන්න පරම්පරා තුනක පෙලපත් සහතික නැත්නම් ඒත් ඔයාට pedigree certificate එකක් ගන්න ඕනෙමනම් ඒකටත් විකල්පයක් තියනවා.. ඒක තමයි National Level certificate එක හැබැයි මේක Intranational certificate එකක් නෙවෙයි අර උඩ කියපු FCI certificate එක වගේ... මේක කරගන්න පුළුවන් FCI එකෙන් බලන standard Level එකේ ඔයාගෙ බල්ලා ඉන්නවනම් විතරයි.. ඒත් ඔයාට මේකෙන් ලොකු වාසියක් වෙනවා.මේ registration එක කරලා එයාගෙන් පරම්පරා 3ක් ගියට පස්සේ ලැබෙන පැටවුන්ට FCI pedigree certificate එක ගන්න පුළුවන්,මොකද National level එකේ උනත් register උනාට පස්සෙ එයා පෙලපතක් තියන බල්ලෙක් වෙන හින්දා.. 🐶 ඔය ක්‍රම දෙක ඇරෙන්න වෙන කිසිම ක්‍රමයක් නෑ register වෙන්න ඒ නිසා puppy කෙනෙක් ගද්දි හොදට හොයලා බලලා පෙලපත් බලලා ගන්න....

◾️ kennel club වල register උනේ නෑ කියලා බල්ලා හැදෙන එකේවත් උගෙ ආදරේවත් උගෙ සැරේවත් වෙනසක් වෙන්නෙ නෑ ඒක තමයි වැදගත්ම දේ register උනා කියලා ඒ බල්ලො අලි වගේ හැදෙන්නෙත් නෑ උන්ට කකුල් පහකුයි ඔලු දෙකකුයි එන්නෙත් නෑ. ඒත් business විදියට & Dog show වලට යන අයට මේක ගොඩක්ම වැදගත්🔆

Registration එකට ඕනෙ දේවල් සහ බල්ලො import කරන එක
ගැන & බල්ලො ගැන ඕන දෙයක් ගැන කතා කරලා දැනගන්න පුළුවන් පහල තියන numbers වලින්





KASL Hotline :- 0114386586

Location          :- 75/1 , Nelum Court ,                                                      Kandawatta, Nugegoda , 10250
          KASL 
president        :- viraj farnando 0772225040



Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment