🐶🐶❤️ ඔබේ සුනකයාට නිවැරදිව පණු බෙහෙත් ලබා දෙමු...❤️ 🐶🐶




⭕  පණු බෙහෙත් ලබා දීම නිවැරදිව කල යුතු අතර 


එසේ නොවේ නම් ඔබගේ සුරතලාට කෑම අරුචි වීම් , බඩ ඉදිමීම , මල පහ පිට කිරීමේ අපහසුතා, වැනි රෝග ලක්ශන මතු විය හැක

.ඒ නිසා ඔබ ඔබේ සුරතලට නිවැරදිව පණු බෙහෙත් ලබා දීම කල යුතුයි.

⭕පණු බෙහෙත් ලබා දීම මුලිම ආරම්භ කල යුත්තේ වයස දින 14(සති 2) දී 

වන අතර ලබා දිය යුත්තේ "pyrantel pamoate" නම් වූ පණු බෙහෙත් වර්ගයයි. 

මෙහි syrup සහ tablet යන වර්ග දෙකෙම pharmacy වලින් ලබා ගත හැකි අතර ලබා දිය යුතු මාත්‍රාව(15mg/kg) වන අතර ඒ සදහා වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

වයස දින 14 න් ආරම්භ කරන මෙම පණුබෙහෙත්කරණය සති 2 න් 2 කට මාස 3 දක්වා ක්‍රියාත්මක කල යුතුය.

⭕මාස 3 න් (සති12) පසු මාසිකව මාස 6 දක්වා පණු බෙහෙත් ලබා දිය යුතු අතර


 මාස 6න් පසූ ජීවිතකාලය පුරාම මාස 3 න් 3 නට පණු බෙහෙත් ලබා දිය යුතුය.

එම පණු බෙහෙතෙහි pyrantel,febental,praziqueantel
යන සංයෝග ත්‍රිත්වයම අන්තර්ගත විය යුතුය.

 මම සංයෝග තුනම අන්තර්ගත වෙලදපොලේ පවතින පණු බෙහෙත් වර්ග වල නම් කිහිපයක් පහත දක්වා ඇත.

🐶Drontal plus , Vermic total , Kiwof plus , Worm stop, Defender plus🐶

❤️✔මෙම පනු බෙතෙත් ලබා දිය යුතු මාත්‍රාව=
                       1 පෙත්තක් /10kg 

  🐶වයස සති 2 ,4,6,8,10, - pyrante,l pamoate
  🐶මාස 3, 4,5,6  - Drontal plus / Vermic total
  🐶මාස 9,12, ..... - Drontal plus

❌❌පණු බෙහෙත් බර අනුව විශාල ප්‍රමණයක් ලබා දීමේදී එය බෙදා වේල් කිහිපයකට ලබා දෙන්න.(මෙය සියලුම සුනකයින් සදහා අදාල නොවේ)❌❌
 
ස්තූතිය කරුණු ලබාදුන්  පශු වෛද්‍යවර තුමාන්ට🙏❤️

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment