🐶🐶❤ සුරතලා නිවැරදිව එන්නත්කර්ණය කරමු🐶🐶❤

🐶🐶❤  සුරතලා නිවැරදිව එන්නත්කර්ණය කරමු🐶🐶❤



➡️එදිනෙදා අපිට තිබෙන ලොකු ප්‍රශ්නයක් තමයි "කොහොමද මගේ සුරතලාව එන්නත්කණය කරගන්නේ?   ," 


➡️"මොන වයසෙන්ද එන්නත්කණය ආරම්භ කල යුත්තේ ?" 

➡️"මොන එන්නත්ද අපි ලබා දිය යුත්තේ ?"

➡️  යන ගැටළු නිතර ඇසෙන ප්‍රශ්න.ඔබත් ඒ වගේ ගැටළු වලට පිළිතුරු සොයන කෙනෙක් නම් 
 
⬇️  ඒ සියලු ප්‍රශ්න වලට පිලිතුරු ceylon dream  bully kennel  එකෙ මම කියන්න සුදානම්❤️❤️💪

  ✴️එන්නත්කණය කියන්නේ 
ඉතා පුළුල් මාතෘකාවක්. 

එන්නත්කණය කිරීමෙන් අපි බලාපොරොත්තු වන්නේ 
 ඔවුන් තුල  ප්‍රතිශක්තිකරණ නිපදවීම. 

මෙ නිපදවෙන ප්‍රතිශක්තිකරණය මගින්

 සුනකයින්ට  ඉතා ශීඝ්‍රයෙන් ව්‍යප්ත වන , මාරන්තික රෝග වලින් ආරක්ෂා කෙරගෙන 

 නිපදවෙන ප්‍රතිදේහ  රෝගකාරකයන්ට එරෙහිව ශරීරය තුලදීම සටන් කරනවා. 


එන්නත්කණය කිරීමට නම් ඔබ ඔබේ පවුලේ පශු  වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගෙන නිවැරදි කාල සිමාව තුල අදාල එන්නත් ලබා ගත යුතුයි. 

✴️එන්නත්කණය මගින් ශරීරය තුල සක්‍රීය ප්‍රතිශක්තිකරණයක් නිපදවෙන අතර 
එන්නත් නිෂ්පාදනය කරන ආකාරය අනුව ඒවා වර්ගකර දැක්විය හැකියි.  

⭕ඒවා නම් killed vaccine සහ Live attenuated vaccine. 
ලංකාවේ අපි ප්‍රධාන වශයෙන් රෝග 5 ක් සදහා සුනකයින් එන්නත්කණය කරනවා. ඒවා තමයි 
   
                      #️⃣#️⃣*️⃣#️⃣ Parvo(පාවෝ ) - ලේ බඩ යෑම හෙවත් ලේ අතීසාරය
                      *️⃣Distemper (D)(ඩිස්ටෙම්ප)- පස්ස පණ නැති වීම
                      *️⃣Hepatitis(H)(හෙපටයිටිස්)
                      *️⃣Leptospirosis(L)(ලේප්ටස්පයිරෝසිස් ) - මී උණ
                      *️⃣Rabies(ARV)(රෙයිබීස් ) - පිස්සු බලු රෝගය හෙවත් ජල භීතිකාව
 
⭕මේ අතරින් Rabies(රෙයිබීස් ) සහ leptospirosis(ලේප්ටස්පයිරෝසිස් ) රෝග සදහා ලබා දෙන එන්නත් killed vaccine ගණයටත් , 

⭕අනෙත් රෝග සදහා Distemper , Hepatitis , parvo  ලබා දෙන එන්නත් Live attenuated වර්ගයටත් අයත් වෙනවා. 

➡️ සුරතලා එන්නත්කණය කිරීම ආරම්භ කල යුත්තේ කුමන වයසෙන්ද?

මේ සදහ බලපාන කරුනු කිහිපයක් තියනවා. ඒවා තමයි 

✴️*සුනක මව නිවැරදිව එන්නත්කණය කර තිබේද? නැත්ද? , 
✴️*මවගෙන් ලැබෙන මාතෘ ප්‍රතිදේහ ප්‍රමාණය 

➡️සාමාන්‍යයෙන් මවගෙන් ලැබෙන මාතෘ ප්‍රතිදේහ

 පැටවා තුල සති 4-6 ප්‍රමණයක් පවතින අතර  එය ප්‍රමාණවත් වෙනවා 
එම කාලය තුල සුනක පැටවාව රෝග වලින් ආරක්ෂා කිරීමට.

➡️සුනක මව නිවැරදි ලෙස එන්නත්කණය කර නොමැති නම් පැටවුන් ඇස් ඇරී පසු Rabies සදහා ARV එන්නත ලබා දීම කල යුතුයි .➡️ මක්නිසාදයත් , Rabies කියන්නෙ සුනකයින් ගෙන් මිනිසුන්ට බෝ විය හැකි රෝගයක් නිසා. 

⭕⭕සුනක මව නිසි ලෙස එන්නත්කණය කර ඇති නම් සුනක පැටවුන් සති 5-6 වයසේදී Parvo එන්නත ලබා දීම මගින් එන්නත්කරණ ක්‍රියාවලිය ආරම්භ කරනවා. 

⬇️⬇️⬇️ඉන් පසු එන්නත් කරනය කල යුතු ආකරය පහතින් ඉතා සරලව ඔබට පෙන්වා තිබෙනවා.

✴️1)නිවැරදි ලෙස මව එන්නත්කණය නොකල අවස්ථාකදී
ඇස් ඇරී වහාම        - ARV
වයස සති 4-7 (~6)   - Parvo
වයස සති 8 (parvo එන්නතෙන් සති 2 කට පසු)                            - DHL
වයස සති 11             - PARVO + DHL (DHPL)
වයස සති 12             - ARV
වයස සති 14             - PARVO + DH + ARV
වාර්ශිකව                  - ARV + L
ත්‍ර්‍යි වාර්ශිකව           -  Parvo + DH

  
  ✴️2) නිවැරදිව මව එන්නත් කර ඇතිවිට
වයස සති 8 - DHPL
වයස සති 12 - DHPL + ARV
වයස සති 14 - ARV
වයස සති 16 - DHPL
වාර්ශිකව      - ARV + L
ත්‍ර්‍යි වාර්ශිකව -  Parvo + DH

✴️3) Puppy DP ලබා දෙන විට
වයස සති 4-6 - PUPPY DP
වයස සති 8-10 - DHPL
වයස සති 12-16 - DHPL +ARV
වාර්ශිකව      - ARV + L
ත්‍ර්‍යි වාර්ශිකව -  Parvo + DH

➡️එන්නත් ලබාදීමේදී සුනකයා හොද  සෞඛ්‍යය තත්වයෙන් පසුවිය යුතු අතර එසේ නොවේනම්  වෛද්‍යවරයා ඒ පිලිබදව දැනුවත් කිරීමට වග බලා ගත යුතුයි

.➡️ එන්නත්කණට ප්‍රතම
 වෛද්‍යවරයා අසන ප්‍රශ්න සදහා නිවැරදි පිළිතුරු ලබා දීමට ද ඔබ කාරුණික වන්න. 

➡️⭕⭕එන්නත්කණයෙන් පසු ආහාර  අරුචි වීම් ,

 වේදනාව , උණ , ඇලජි තත්ව මතු විය හැකි අතර එසේ වන්නෙ නම් 
වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න.⭕⭕

ස්තූතිය කරුණු ලබාදුන්  පශු වෛද්‍යවර තුමාන්ට🙏❤️

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment