ඇමරිකන් බුලි

❤️❤ගොඩක් දෙනෙකුට  මේ නම කිව්ව ගමන්ම දරුණු බල්ලෙක්ව හිතට එනවා,ඒ වැරදි අවබෝධය නිසා ,ගොඩක් අය හදන්න ආස නැති ,, ඒත් ඇත්තටම බැලුවොත් ගොඩාක් ආදරණීය හදවතක් තියන Dog බ්‍රීඩ් එකක් ගැනයි අද මම කතා කරන්නේ.

                 ඒ  dog breed එක තමයි ඇමරිකන් බුලි  



😍පොඩි ලමයින්ට මිනිස්සුන්ට  මේ බුලිස්ලා ,ගොඩක් ආදරෙයි 
ඒත් අවාසනාවකට ගොඩක් අය ඇමරිකන් බුලි හදන්නේ 
ගොඩක් වැරදි විදියට , වැරදි වැටහීම් ඔලුවේ තියාගෙන.

😍ඒ නිසා තමා ඇමරිකන් බුලි ගොඩක් සැර වෙන්නේ 

😍මනුස්සයෙකුට  මරණාසන්න attack එකක්  දෙන තැනට පවා ඇවිල්ල තියෙන්නේ , මේ breed එක හදන විදියේ වරද නිස තමයි , 

😍සමහර රටවල් වල , සමහර  ප්‍රාන්ත වල    පවා ඇමරිකන් බුලිස්ලා  හදන්න තහනම්. 

😍කුඩුවක දාල මිනිස්සු හුරු නොකර හදනවානම් ගොඩක් සැරට මෙයාල හැදෙනව.

😍හරි විදියට  ශෝෂල්  කරලා  හදනවා නම්බුලි අයව ඕන කෙනෙක් එක්ක , ඕන සතෙක් එක්ක කිසිම බයක් නැතිව එකට තියන්න පුලුවන්.

😍අපිට මේ  බුලි breed එකේ  තියන qualitys  සහ  STANDARDS 
 හරියටම  දැනගන්න පුළුවන් හරිම තැන තමයිි  ABKC ආයතනය. 

😍ඉතින් අපි බලමු මේ බුලිලගේ නිජභූමිය  මොකද්ද කියල , ඒ තමයි   ඇමරිකා එක්සත් ජනපද
 
😍මේ බුලිලගේ ජීව කාලය අවුරුදු 12-14 වගේ වෙනවා.ගොඩක් ලස්සන

😍මේ breed එකට වෙන breeds වල නැති පාට වර්ග ගොඩක් තියනවා, 
 
😍හරි දැන් අපි බලමු මොනවද පාට වර්ග කියලා.

1. Black (බ්ලැක් )


2.fawn (ෆෝන්)


3.blue (බ්ලු)


4.chocolate (චොකලට්)


5.white  (වයිට්) 


6.champagne (ෂැම්පේන්)


7.sable (සේබල්)


8.smutt  (ස්මට්)


9.blue fawn  (බ්ලු ෆෝන්)


10.piebald  (පයිබල්ඩ් )


11.ticked   (ටික්ඩ්)


12.brindle  (බ්‍රින්ඩල්)


13.trindle   (ට්‍රින්ඩල්)


14.blue tri   (බ්ලු ට්‍රයි )


15.chocolate tri   (චොකලට් ට්‍රයි)


16.black tri   (බ්ලැක් ට්‍රයි)


17.shampagne tri (ෂැම්පේන් ට්‍රයි )


18.ticked tri    (ටික්ඩ් ට්‍රයි)


19.ghost tri    (ගෝස්ට් ට්‍රයි)



😍දැන් කියන්න යන පාට තමයි merle   (මර්ල්) කලර් එක 
මිලෙන් ඉහලම පාට වෙන්නේ  මේක මෙයාලගේ සාමාන්‍ය මිල වගේ දෙගුණයකටත් වඩා වැඩි වෙනවා සමහර වෙලාවට merle   (මර්ල්)  කලර් එක 









😍ඇමරිකන් බුලිලගේ විද්‍යාත්මක නාමය තමයි 
 කැනිස් ලූපස් ෆැමිලිස් (CANIS LUPUS FAMILIARIS) කියලා කියන්නේ 

😍මේ breed  එකේ ෆ එක කෙටි, සිනිඳුයි  සහ දීප්තිමත් බවක්   තියෙනවා.

😍⁣මොවුන්ගේ ⁣උස හා බර අනුව ප්‍රභේද හතරකට වෙන් කරලා තියනවා ,    ඒ කොටස්  හතර නම් 
1.STANDARD
2.POCKET
3.XL
4. CLASSIC
මිට අමතරව නොසිතු ප්‍රභේද කලාතුරකින් දකින්න ලැබෙනවා 

😍ඒ කියන්නේ ABKC ආයතනයෙ සදහන් නොවන,
නිල නොවන වර්ග(UNOFFICIAL TYPES) මම ඒ ගැන පස්සේ විස්තර කරන්නම්

😍Abkc ආයතනයෙ පිළිගත් ප්‍රධාන  කොටස් හතරේ
විස්තර කෙටියෙන්  මම මෙහෙම කියන්නම්.

😍 මුළින්ම STANDARD වර්ගය මේ ටයිප් එක විශාල  ශරීරයක් 
විශාල හිසක් සහ ශක්තිමත් අස්ථි වලින් යුක්තයි. 
 ABKC ආයතනයේ මෙයාලගේ සම්මතය උස නම්
Males 17 to 20 inches, 
Females 16 to 19 inches.
වගේ වෙනවා.

😍ඊළඟට  POCKET size  එක වෙනත් ඇමරිකානු සුනඛයන් සමඟ 
සංසන්දනය කරන විට, පොකට් යනු කුඩාම සත්තු වර්ගයයි . 
 ABKC ආයතනයේ මෙයාලගේ සම්මතය උස නම් 
Males 14 to 17 inches, 
Females 13 to 16 inches.
වගේ වෙනවා.

😍මේ තමයි මම ආසම type එක XL type එක, ABKC ආයතනයේ මෙයාලගේ සම්මතය උස විදියට 
Males 20 to 23 inches, 
Females 19 to 22 inches.
වගේ වෙනවා.
 
😍අවසාන type එක CLASSICABKC ආයතනයේ මෙයාලගේ 
සම්මතය උස STANDARD
ඇමරිකානු බුලි ප්‍රභේදයේ උසට සමානයි
ඒ කියන්නෙ 
Males 17 to 20 inches, 
Females 16 to 19 inches. වෙනවා . 

😍STANDARD type එක සහ CLASSIC type එක අතර වෙනස මෙච්චරයි 

😍 ClassIC type එකේ බුලිලගේ තියෙන්න වෙනස තමය හැල්ලු අස්ථි පද්දතියක සහ ශරීරයේ බර ප්‍රමාණය STANDARD ඇමරිකානු බුලි 
ප්‍රභේදය වඩා අඩු බව  ABKC ආයතනයේ වෙබ් පිටුවේ සදහන් වෙන්නේ එහෙමයි .

😍 නිල නොවන වර්ග(UNOFFICIAL TYPES)නිශ්චිත මිනුම් වලින් පරිබාහිරව සුනඛයින් විශාල වර්ග හෝ කුඩා වර්ග සිටිය හැක. 

😍ඕවු⁣න්ගේ කුඩා  සුනඛයන්  මයික්‍රෝ  ලෙසත්‍රෝ ලෙසත්   
විශාල සුනඛයන් XXL ලෙසත් හැඳින් වෙනවා. 

😍මම හොයාගත්ත  තොරතුරු  අනුව ඇමරිකන් බුලි 1980 දී 
වැඩි දියුණු කළ අතර, ​එය 1990 ගණන් වලදී නිම කරලා තියනවා . 

😍ඇමරිකන් බුලි කියන්නේපවුලකට ඇති කරන්න, 
ලමයි එක්ක තියන්න පුලුවන්, හුරතලේට සහ ආරක්ශාවට 
දෙකටම හදන්න පුලුවන් breed එකක්. 

😍පොඩි කාලේ ඉදන් ඇමරිකන් බුලි සෝශල් කරලා හදන්නම වෙනවා මොකද එහෙම නැත්තම් සතා ලොකු  උනාම  සතාට අනිත් සත්තු සහ මිනිස්සුන්ව පේන්න බැරුව යනවා.

😍සෝශල් නොකර හදන නිසා තමා ගොඩක් වෙලාවට ඇමරිකන් බුලි වැරදි විදියට , ගොඩක් දරුණු වෙලා හැදෙන්නේ.

😍පොඩි කාලේදි ගෙදර අය එක්ක හුරතල් වෙන්න , දුවන්න , පනින්න ගොඩක් ආසයි ඇමරිකන් බුලි පැටව්.

😍පොඩි ඇමරිකන් බුලි පැටව් දුවනකොට කුරු  හිපෝ කෙනෙක් වගේ පේනවා හුරතල් දේවල් ගොඩක් බලාගන්න පුලුවන් 

😍ඇමරිකන් බුලි ගොඩක් ශක්තිමත්.ඒ ශක්තිය නිසාම 
හරියට ශෝසල්ව හැදුනේ නැත්තම් ඕනම මිනිහෙක්ව , ඕනම සතෙක්ව පැකිලිමකින් තොරව මරලා දාන්න උනත් මෙයලට පුලුවන්.

😍මෙයාලගේ ෆර් එක ශෝර්ට් ෆර් එකක් නිසා ෆර් එක ගැන ලොකුවට හිතන්න ඕන නෑ.

හැමදාම එක්සර්සයිස් දෙන එක මෙයාලට ගොඩක් වැදගත් වෙනවා.සීතල කාලගුණ තත්ව වලට වඩාරස්නේ කාලගුණ තත්ව වලදි මෙයාලව හොදට හදන්න පුලුවන්.

😍ඇමරිකන් බුලි ආස නෑ නිකන් වැටිච්ච වැටිච්ච තැන් වල නිදාගෙන ඉන්න.මෙයාලට ඕන හැම වෙලාවේම 
මොනාහරි කරන්න.පවුලේ අයගේ සෙවනැල්ල වගේ ඉන්න මෙයාලා හොදට දන්නවා.

😍මෙයාලා ආස නෑ තනියෙන් ඉන්න. හැම වෙලාවේම පවුලේ කෙනෙක්  එක්ක ඉන්න තමා මෙයාලා ගොඩක්ම ආස.

😍බල්ලෝ හදලා , ට්‍රේන් කරලා අත්දැකීම් තියන අය 
ගෙදර ආරක්ශාවට ,පොඩි ලමයින් එක්ක සෙල්ලම් කරන්න , 
ගෙදර හුරතලේට මෙයාලව හැදුවට කිසිම ගැටලුවක් නෑ. 

කතෘ අයිතිය  සුරකින්න❤️

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment